මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සූදානම් වෙයි.ජනවාරි 03දා මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බවත් පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි මුදල් අමාත්‍යවරයා විශාල දේපළකට හිමිකම් කියන බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක වෙයි.