අත්අඩංගුවට ගත් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එළැඹෙන 30දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය අද (28දා) නියෝග කළාය.
එසේම අත්අඩංගුවට ගත් සැකකරු කඩිනමින් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන ලෙසත් ඇය නියෝග කළාය.
මේ අතර ඇමතිගේ රියදුරුද අත්අඩංගුවට ගැනිම සඳහා මෙහෙයුම් ආරම්භකර තිබෙන බව පොලිස් මූලස්ථානය කියයි.
විදෙස්ගතව සිටි අමාත්‍යවරයා අද 28දා දිවයිනට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනෙකු බලෙන් රැගෙන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහෙස්ත්‍රාත් මීට ඉහතදී වරෙන්තු නිකුත් කර තිබිණ.