වරෙන්තු ලැබ විදේශගතව සිටින නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා දිවයිනට පැමිණෙන විට අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.
දැනට සිංගප්පූරුවේ සිටින නියෝජ්‍ය අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන විට අත්අඩංගුවට ගන්නා ලෙස කටුනායක හා මත්තල ගුවන්තොටුපොළේ අදාළ අංශවෙත දැනුම් දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
මේ අතර ඔහු විදේශගතවන බවට පොලිස් ක්ෂණික අංකය වන 119ට ලැබුණ පණිවුඩය පිළිබඳව ක්‍රියා නොකළේ මන්දැයි යන්න පිළිබඳව පොලිස්පත් එන්.කේ. ඉලංගකෝන් මහතාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භකළ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.