සුළු අපනයන භෝග සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ ඔහුගේ රියදුරු මෙත්සිරි චාමින්ද යන දෙදෙනා වහාම අත්අඩංගුට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නැයි පොලිස්පතිවරයාට නියෝග කරමින් බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා අද වරෙන්තු නිකුත් කළේය.
නිශාන්ත මුතහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාට උසාවියේ පෙනී සිටින ලෙස නොසීති නිකුත්කරන ලෙස පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී ඔහු කර ඇත්තේ අත්අඩංගුවට ගත හැකි වරදක් බව මහේස්ත්ර්රාත්වරයා කියා සිටියේය.
රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි ඇමති ආරක්ෂකයන් තිදෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
වදුරඹ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රචාරක රැළියේ වේදිකාවට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පොලිස් අත්අඩංගුවෙන් රැගෙන ගියැයි සැකපිට අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ ඇමති ආරක්ෂකයන් තිදෙනා සම්බන්ධ නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේ දී මේ නියෝග නිකුත් කැරිණි. නඩුව යළි දෙසැම්බර් 29 දිනට කල් තැබිණි.