වඳුරඹදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැළියක් පැවැත්වීම සඳහා සකසා තිබූ වේදිකාවට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තිදෙනා නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට භාර දීම පිළිබඳව වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අත්අඩංගුවේ පසුවූයේ මුතුහෙට්ටිගම මහතාගේ ආධාරකරුවන් වන අතර ඔවුන් රැගෙන යාමට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම මහතාට එරෙහිවද තවත් විමර්ශනයක් ආරම්භකර තිබේ.