මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන ^Jet A - 01) ගෙනයාම සඳහා jQ ඉන්ධන නළය එළීමේ ව්‍යාපෘතිය ඉදිරි මාස කිහිපයේදී කඩිනම් කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
“මෙම නළ මාර්ගය එළීමේදී වඩාත් පහසු මාර්ගයක් යොදා ගැනීමට අපේ අවධානය යොමු වුණා. ඒ අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට සමාන්තරව මෙම නළ මාර්ගය එළීම සඳහා වූ හැකියාව සොයා බැලීමට ශක්‍යතා අධ්‍යයනක් සිදුකළා. එහි ප්‍රතිඵල සතුටුදායකයි.
අධිවේගී මාර්ගයට සමාන්තරව ගුවන් යානා ඉන්ධන නළය එළීමට මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය එකඟ වී තිබෙනවා.’’ යැයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ආමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන මාසික රැස්වීමට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේය. කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට දුම්රියෙන් එම පරිශ්‍රයට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රධාන වශයෙන්ම ප්‍රවාහනය කෙරේ. ඇතැම් අවස්ථාලදී බවුසර් රථද ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනයට යොදා ගැනේ.