නැගෙනහිර පළාත් සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පළාත් සභා ඇමතිවරුන් දෙදෙනා ඇතුළු එම කොංග්‍රසයේ සියලු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඊයේ (03දා) පස්වරුවේ සිට ඉවත් කර ඇතැයි එම පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම පවසයි.
පළාත් ඇමතිවරු දෙදෙනා සමග පළාත් සභා මන්ත්‍රීවරුන් පස්දෙනෙකු මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් නැගෙනහිර පළාත් සභාවේ කටයුතු කරන අතර, ඔවුන් සියලු දෙනාගේ පොලිස් ආරක්ෂාව මෙසේ ඉවත් කර තිබේ.
තමන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව හදිසියේ ඉවත් කළ බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු හේතුවක් නොදන්නා බවත් කළ විමසුමකට පිළිතුරු දුන් නැගෙහිර පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය ක්‍රීඩා, පරිවාස හා ළමාරක්ෂක කටයුතු ඇමති අයි.එම්. මොහොමඩ් මන්සූර් මහතා පැවසීය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා අමරජීව