ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලු විසඳීම සඳහා දෙරට අතර පැවැත්වීමට නියමිත ධීවර සාකච්ඡා සඳහා එළඹෙන මස 12 වැනිදාට හා 13 වැනිදාට දින නියම වී තිබේ.
තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් මේ පිළිබඳව ලිපියක් මගින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් සුචිත්‍රා දුරායිට දන්වා තිබේ.
ඉන්දු ලංකා ධීවර සාකච්ඡාවල පළමු වටය ජනවාරි මස 27 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවැත්විණි. එසේ වුවත් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි වටයේ සාකච්ඡා අවස්ථා දෙකකදී තමිල්නාඩු මැදිහත්වීම මත කල් ගියේය.