වයස අවුරුදු නවයක් පමණ වන පාසල් වයසේ පසුවන දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළ බව කියන අසල්වැසි තරුණයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව මිරිගම පොලිසිය කියයි.
මෙම දැරියගේ පියා හා මව රැකියාවන්ට යන අතර ඇය සීයා බාරයේ සිටින බවත් එසේ කල්ගත කරන අතරදී පසුගිය අගෝස්තු මාසයේ පාසල් නිවාඩු සමයේ අවස්ථා ගණනාවකදීම සැකකාර අසල්වැසි තරුණයා මෙසේ අතවර කර ඇති බව දියණිය මවට පැවසීමෙන් පසු ඊයේ (19දා) මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇත.
දැරිය පාසලේ තුන්වන වසරේ ඉගෙනුම ලබයි. දැරිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට කටයුතු යොදා ඇත. මිරීගම පොලිස්යේ අපරාධ විමර්ශණ අංශය සිද්ධීය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
මීරිගම කාන්ති