ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් මීගහකිවුල ඉන්ධන පිරවුම්හලට පෙරේදා (11දා) රාත්රියේ ගිනි අවි රැගෙන පැමිණි දෙදෙනෙකු කළමනාකරුට පහරදී, බියවද්දා එහි තිබූ මුදල් පැහැරගෙන පලාගොස් ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
කොල්ලකරුවන් මුහුණු ආවරණය කරගෙන ඉන්ධන පිරවුම්හලේ කාමරයට ඇතුළු වී එහි කළමනාකරුට තුවක්කු බඳකින් පහරදී ඇති අතර, මුදල් කොල්ලකෑමෙන් අනතුරුව ඉන්ධන පිරවුම්හලේ පිටුපස තාප්පයෙන් පැන ගොස් තිබේ. පහරකෑමට ලක්වූ කළමනාකරුගේ හිසට සුළු තුවාල සිදුව තිබේ.
කොල්ලකරුවන්ට අයත් යැයි සැකකෙරෙන කමිසයක් කැලෑවේ තිබී සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය හා බදුල්ල පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එන්.එස්. නිශ්ශංක