මීගමුව ප්‍රදේශයේ කරවල වේලන පිරිසක් සහ ධීවරයන් පිරිසක් අතර ඊයේ (05දා) සවස ඇතිවූ ගැටුම මැඬපැවැත්වීමට විශේෂ කාර්ය බළකායේ අනුඛණ්ඩ 03 ක් ඇතුළුව ආරක්ෂක අංශයේ 200 ක පිරිසක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්නා බවද ඔහු කීය.
ඊයේ ඇතිවු ගැටුමෙන් ධීවර බෝට්ටුවකටද ගිනි තබා කාන්තාවක් ඇතුළු දෙදෙනෙකුට තුවාල සිදුකර තිබුණි.