මී උණ වැළැක්වීමට වැඩපිළිවෙළක් නෑ
මී උණ හෙවත් ලෙප්ටොස්ෆයිරොසිස් රෝගය රට තුළ ශීඝ්‍ර ලෙස පැතිර ගියත් එය වළක්වා ගැනීමට රජය නිසි වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව රෝගීන් 3000කට අධික ප්‍රමාණයක් මේ වසර තුළ වාර්තා වී තිබෙන බවත්, මිය ගිය ගණන 50කට ආසන්න බවත් එම සංගමයේ සභාපති හෙද නිලධාරී ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
මී උණ රෝගීන්ට ලබාදෙන ඖෂධවල හිඟයක් පවතින බවත්, රෝගය වැලඳීමට පෙර ලබාදෙන ඖෂධ ජනතාවට ලබාදීමක් සිදු නොකර බවද පවසා සිටියේය.
මී උණ රෝගය පැතිර යන ප්‍ර‘දේශ මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත්, එලෙස හඳුනාගත් ප්‍ර‘දේශවල ජනතාවට රෝගය බෝ වීම වළක්වා ගැනීම ඖෂධ ලබාදීමෙන් සිදුකළ හැකි බවද සභාපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව රෝගය පැතිරෙන ආකාරය පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හරහා සිදුකළ හැකි වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවද ගාමිණී කුමාරසිංහ මහතා පවසා සිටියේය.
වැසි ඇතිවීමත් සමග රෝගය පැතිර යාම ඉහළ යන නිසා මී උණ රෝගය වළක්වා ගැනීමට රට තුළ ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
