මිහින්තලේ නගරයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක වහලයේ උළු ගලවා ඒ තුළට ඇතුළු වී එහි තිබූ මුදල් සොරාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලේ පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඊයේ (22දා) අළුයම වෙළෙඳ සැලෙහි වහලයේ උළුකැට ගලවා ඒ තුළට පැමිණෙන පුද්ගලයා වෙළෙඳ සැලේ ලාච්චුවක තිබූ රුපියල් 26,000ක මුදලක් සොරාගෙන යන අයුරු වෙළෙඳ සැල තුළ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබේ.
කැමරා පද්ධතියේ දර්ශන ලබාගෙන පරීක්ෂණ සිදුකරන මිහින්තලේ පොලීසියේ අපරාධ විමර්ශන අංශය සැකකරු කවුරුන්ද යන්න තහවුරු කරගැනීමට කටයුතු කරන බව පැවසීය. සොරකමට සම්බන්ධ පුද්ගලයා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු නොවන බව මිහින්තලේ පොලීසියේ අපරාධ විමර්ශන අංශය තහවුරු කරගෙන තිබේ.
මිහින්තලේ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුර ප්‍රියදර්ශන මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.