තමාට ලැබෙන සම්පූර්ණ මාසික වැටුප යුද්ධයෙන් පීඩාවට පත්වූ පවුල්වල අධ්‍යාපනය හදාරන දරුවන්ගේ කටයුතු වෙනුවෙන් යොදවන බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.එම්. මිස්වර් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ වන්නි දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු මිස්වර් මහතා ශ්‍රී.ල.නි.ප.ය වෙනුවෙන් තරග කළ සුළු ජාතිකයන්ගෙන් නියෝජනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයාද වේ.
පාර්ලිමේන්තුව තුළ සිටින කාලය තුළ තමාට ලැබෙන සම්පූර්ණ වැටුප වන්නි දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අවතැන් වූ පවුල්වල දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොදවන බවද ඔහු පවසා සිටියේය.