ඉන්දියානු තෙල් සමාගමට ඉන්ධන මිල වැඩි කිරීමට රජය ඉඩදුන් ආකාරයමට තවත් දින කිහිපයකින් මිල සූත්‍රයක් ඉදිරිපත් කරන මුවාවෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල වැඩි කිරීමට අනුමැතිය දීමට සූදානම් වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
පෙට්‍රල් සහ ඩීසල් අලෙවි කිරීමෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩුවක් සිදු වන බැවින් ඒ සදහා මිල සූත්‍රයක් සකසන විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීමෙන් මේ බව මැනවින් පැහැදිලි වන බවත් එහි සභාපති රංජිත් විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.