මිල කළ නොහැකි පැරණි පිළිම තුනක් නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකවෙන් චීනයට රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයින් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් අද (29දා) අලුයම අත්අඩංගුව ගෙන තිබෙනවා.
ගණදෙවි පිළිමයක් හා තවත් දේව පිළිම දෙකක් මෙසේ ඔවුහු චීනයට රැගෙන යාමට උත්සාය කර තිබෙන අතර වයස අවුරුදු 40ක් වන චීන ජාතික කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හා ගුවන්තොටුපොළ රේගුව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.