මිල ඉහළ දැම්මොත් ලොතරැයි අලෙවියෙන් ඉවත්වෙනවා
ලොතරැයි ටිකට් පතක මිල රුපියල් තිහක් දක්වා මිල වැඩි කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයෙන් මෙරට ලොතරැයි වෙළෙඳ පොළ සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩතිබෙන බැවින් එම තීරණය අත්හිටුවීමට කටයුතු නොකළ හොත් ජනවාරි පළමු වැනිදා සිට ලොතරැයි අලෙවියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලොතරැයි අලෙවි නියෝජිතයෝ අනතුරු අඟවති.
කුරුණෑගල දිස්ත්‍රික් ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සුබසාධක සංගමය අද (25දා) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඔවුහු මේ අදහස් පළකළහ.
රජය මෙම තීරණය අත්හිටුවීමට පියවර නොගෙන ලොතරැයි අලෙවිය සඳහා වෙනත් පුද්ගලයන් පත්කිරීමට කටයුතු කළහොත් ඒ සඳහා තමන් ඉඩ නොතබන බවද ලොතරැයි අලෙවි නියෝජිතයෝ අවධාරණය කළහ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයියේ නිලධාරීන් පත්ව වසරක් ගෙවීයෑමටත් පෙරම ක්ෂේත්රය පිළිබඳව කිසිදු හසරක් නොදන්නා එම නිලධාරීන් විසින් ගනු ලබන තීන්දු තීරණ හේතුවෙන් මෙරට ලොතරැයි ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශයට ලක්වීමේ අවදානමකට ලක්ව ඇතැයි ඔවුහු චෝදනා කරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

