මිල අවම ටෙන්ඩරය දුම්රියට අකැපලු
මාලිගාවත්ත දුම්රිය අංගණ මැදිරි ශුද්ධ පවිත්ර කටයුතු සඳහා සිදුකළ ටෙන්ඩර කැඳවීමේදී රුපියල් ලක්ෂ 30කට ඉදිරිපත් වූ ටෙන්ඩරය ඉවත දමා රුපියල් ලක්ෂ 93කට ඉදිරිපත් වූ ටෙන්ඩරයට අවස්ථාව ලබා දී ඇතැයි දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.එක් මාසයක් වෙනුවෙන් මෙම ටෙන්ඩර් මුදල ඉදිරිපත් වී තිබෙන බවත්, සමස්ත ටෙන්ඩර් කාලය මාස 24 ක් බවත් එම පෙරමුණේ ලේකම් සම්පත් රාජිත මහතා සඳහන් කළේය.
රුපියල් ලක්ෂ 93කට ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම මීට වසර තුනකට පෙර සිදුකළ ටෙන්ඩර් කැඳවීමේදී මෙම කටයුත්ත ලක්ෂ 18කට සිදු කිරීම සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ බවත්, එහෙත් එම ටෙන්ඩරය අවලංගු වූ බවත් පවසා සිටියේය.එසේ තිබියදී කාගේ හෝ උවමනාවකට වැඩි මුදලට ඉදිරිපත් වූ ටෙන්ඩරයට අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙන බවත්, මෙම තීරණයට අනුව වසර දෙකක් තුළ දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 2,232 ක මුදලක් අහිමි වන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබඳව වහාම සොයා බලන ලෙසට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවත්, මීට අමතරව මෙය ක්රියාත්මක කළහොත් නීතිමය ක්රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

