තුනී ලෙස අඹරා පිටි කළ පරණ පාන් කුඩු, මිනිස් පාරිභෝජනයට නුසුදුසු ෆැබ්රික් ඩයි වර්ගයක් සමග කලවම්කර සකස් කරමින් වෙළෙඳ පොළට එවීමට සූදානම් කරතිබූ මිරිස් කුඩු සහ කහ කුඩු තොගයක් අද (28දා) පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මෙම නිෂ්පාදනාගාරය ආමර් වීදියේ පවත්වාගෙන ගොස් තිබූ අතර, මෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු කිලෝ 5000 ක්, කහ කුඩු කිලෝ 3000 ක් හා පරණ පාන් කුඩු කිලෝ 2000 ක් පාරිභෝගික අධිකාරියේ භාරයට ගෙන ඇත.
මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 30 ඉක්මවන බව වැටලීම් නිලධාරීහු පවසති.