මියගිය පුද්ගලයෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ඉතාලියේ සිට මෙරටට පැමිණි හිටපු නාවික හමුදා නිලධාරියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (23දා) අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කිරිඳිවැල, ඌරපොළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකි.
ඔහු 2008 වසරේ අගෝස්තු මාසයේ මෙරටින් පිටවගොස් ඇත්තේ වෙනත් පුද්ලගයෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන බව අනාවරණය වී ඇත. සැකකරු ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරි කරමින් සිටියදී හමුදාවෙන් පළාවිත් රටින් පැනගොස් ඇති බවද දැනගන්නට ඇත.
සැකකරු ඊයේ (23දා) සවස 2.50 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් ඉතාලියේ සිට ඩුබායි හරහා මෙරටට පැමිණ ඇති අතර, එහිදී ආගමන විගමන අංශ නිලධාරීන් මොහුගේ ගුවන්ගමන් බලපත්‍රය පරීක්ෂා කර සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.