එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ රුකියා ලබා ගැනීමට මුස්ලිම් කොන්ග්රස් නායකයාට මුදල් ගෙවීමට සිදුව ඇති බවට ජනතාව තමාට දොස් පවරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා පැවසීය.
ඇතැම් සුදුසුකම්ලත් පුද්ගලයින්ට රැකියා ලබා දීමට රුපියල් ලක්ෂ ගණනක අල්ලස් මුදල් ලබා ගත් බවට ද තමාට ආරංචි ලැබී ඇතැයි ද හෙතෙම සදහන් කළේය
දිගාමඩුල්ලේ පැවති ජනහමුවක් අමතමින් දයා ගමගේ මහතා පැවසුයේ රාවුෆ් හකීම් අමාත්‍යවරයා තම දේශපාලන වාසි තකා ජාතිවාදී හැසිරීමක නිරත වන බවයි.