මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරිඇමෙරිකාවට පැවරීමට ගන්නා උත්සාහයට එරෙහිව ආරම්භ කළ තෙදින වැඩවර්ජනය අද (16දා) අවසන් කරන බව රජයේ මිනින්දෝරු සංගමය සඳහන් කරයි.
මීට අමතරව අද දහවල් කොළඹ නගරය තුළදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්, ඊයේ (15දා) දිනයේදී ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදාහැරි බවත් එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ මහතා සඳහන් කළේය.
සැලසුම් කර තිබෙන වැඩපිළිවෙළට අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තු කටයුතු ඇමෙරිකානු සමාගමකට පැවරීමට කටයුතු කළහොත් රටට රුපියල් මිලියන විසිපන්දහසකට අධික මුදලක් අහිමිවන බවද හෙතෙම පවසා සිටියේය.
අද දිනයේ වැඩවර්ජනය නවතා දැමුවද, අදාළ සැලසුම අවලංගු කරන බවට ලිඛිත පොරොන්දුවක් නොලැබුණොත් ලබන සතියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මිනින්දෝරු දෙපාර්තමේන්තු කටයුතු ඇමෙරිකානු සමාගමකට පැවරීමට සිදුකරන සැලසුම අවලංගු කරන ලෙස ඉල්ලා පෙරේදා (15දා) සිට තෙදින වැඩවර්ජනයක් ආරම්භ කෙරිණි.