ජනවාරි 08 න් පසුව මෑන්පවර් සේවකයන් සියලු දෙනා ස්ථිර කිරීමට කටයුතු කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිටදී අද (17දා) පෙරවරුවේ පැවැති උද්ඝෝෂණයක් අතරතුර එම ස්ථානයට පැමිණි සිරිසේන මහතා මේ බව පවසා සිටියේය.
ජනවාරි 08 වැනිදායින් පසුව රටේ ජනාධිපති වන්නේ තමා බැවින් එතෙක් ඉවසා සිටින්නැයි එම සේවක පිරිසෙන් හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ලංකා විදුලි සේවක සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ආණ්ඩුව අයවැයෙන් පොරොන්දු වූ පරිදි මෑන්පවර් සේවකයන් ස්ථිර නොකිරීම හේතුවෙනි.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ/ශාන්ත රත්නායක