මෑත කාලයේ සිදුකළ වැඩවර්ජන සියල්ල ප්රගතිශීලියි
මෑත කාලයේ සිදුකළ වැඩවර්ජන සියල්ල ප්රගතිශීලි වැඩවර්ජන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) පැවසීය.
තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන්, රට වෙනුවෙන් එම වැඩවර්ජන සිදුකර තිබෙන බවත්, වෛද්‍යවරුන්, ඛනිජතෙල් සේවකයන් දැනට අවිහිංසාවාදී සටන් උපක්‍රම පමණක් යොදාගෙන තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අවිහිංසාවාදී සටන් ආණ්ඩුව උද්දච්ඡ ආකාරයෙන් නොසලකා සිටියහොත්,එම උද්ඝෝෂණ පොලීසිය හමුදාව යොදවා පාලනය කිරීමට උත්සාහ කළහොත් නැවත මේ රටේ දරුවන් ආයුධ අතට ගන්න දිනයක් නොපමාව උදාවනු ඇති බවත්, තෙල් සංස්ථා සේවකයන් සිදුකරන වර්ජනය ජාතියේ අනාගතය වෙනුවෙන්,නූපන් දරු පරපුර වෙනුවෙන් සිදුකරන්නක් බැවින් හිස නමා ඔවුන්ට ආචාර කරන බවත්, ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ජනතාව අවි අතට ගන්න තැනට තල්ලුකරන්න එපායැයි ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් සිදුකරන බවත්, උද්ඝෝෂණ වැළැක්වීමට නිකුත් වූ උසාවි නියෝග සම්බන්ධව ගැටලුවක් තිබෙන බවත්,ඒ මහතා කියා සිටියේය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

