පසුගිය වසර මෑත ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් වාර්තා වූ වසර බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.
පසුගිය 2016 වසරේදී ශ්‍රී ලංකාව වාර්තා කළ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇ.ඩො. මිලියන 7,241.5 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 1,054.5 කි. එය 2015 වසරට සාපේක්ෂව 3.7% ක වැඩිවීමක් බව වාර්තා වේ.
2015 වසරේ වාර්තා වූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇ.ඩො. මිලියන 6,980.3 ක් වන අතර, එය මෙරට මුදලින් රුපියල් බිලියන 949කි. ඒ අනුව 2015 වසර හා සැසඳීමේදී 2016 වර්ෂයේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇ.ඩො. මිලියන 261.3කින් වැඩිවී තිබේ.