මැලේසියාව සමග ඉදිරියේ දී අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් කිරීමට නියමිත බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි. පසුගියදා මැලේසියානු සංචාරයක නිරත වූ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය එහිදී එරට මානව සම්පත් අමාත්‍ය ඩෝටා ශ්‍රී රිචන්ඩ් රිහෝට් අනාක් ජහිම් මහතා සමග මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ. මෙහිදි ගෘහ සේවිකාවන්ගේ සුබසාධන හා ආරක්ෂාව පිළිබඳව අවබෝධතා ගිවිසුමකටත්, අනෙකුත් රැකියාවන්වල නිරතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් සුබසාධන හා ආරක්ෂාව තහවුරු කීරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් සාකච්ඡා කර ඇත. මේ අවබෝධතා ගිවිසුම් දෙක මෙම මස අගදී අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා මැලේසියානු මානව සම්පත් අමාත්‍යවරයා විදේශ රැකියා අමාත්‍යවරියට මැලේසියාවට පැමිණෙන ලෙසටද ආරාධනාකර ඇතිබවට වාර්තාවේ.