2014 මැයි මාසයේ උද්ධමනය 3.2% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 4.9% සිට ශීඝ්‍ර පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2014 අප්‍රේල් මාසයේ 4.9% ක් ලෙස පැවති අතර, එය මැයි මාසයේදී 3.2% ක් ලෙස ශීඝ්‍ර පහළ යෑමක් පෙන්නුම් කරයි.
මේ අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය අප්‍රේල් මාසයේ වාර්තා කළ 5.6% සිට මැයි මාසයේදී 5.3% දක්වා පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.