ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත් තරග පාවාදීමට පොළඹබා ගැනිම වෙනුවෙන් පවත්වන පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (19දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණියේය.
ඔහු පෙ.ව. 10.00ට මූල්‍ය අපරාධ කොට්ඨාසය පැමිණියේය. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනකරු ජෙරී වව්ටර්ස් මහතාගේ ප්‍රකාශයක් ලබාගත්තේය.