පළාත් සභා මැතිවරණයේදී වැඩිම මැතිවරණ පැමිණිලි ප්රමාණයක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙන් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
ඒ අනුව සමස්ත මැතිවරණ පැමිණිලි 251 න් 74 ක්ම ලැබී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙනි. බස්නාහිර පළාතෙන් පමණක් මැතිවරණ පැමිණිලි 158 ක් ලැබී තිබේ.
දකුණෙන් මැතිවරණ පැමිණිලි 83 ක් ලැබෙද්දී පළාත් දෙකටම පොදුව මැතිවරණ පැමිණිලි 10 ක් ලැබී තිබේ.