2015 ජනාධිපතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම සදහා සියලු කටයුතු මේවන විට සුදානම් කර කර ඇති බව පොලොන්නරුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නිමල් අබේසිරි මහතා පැවැසීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන 288 ක් සදහා ඡන්ද පෙට්ටි බෙදා හැරීම හෙට (07දා) උදැසන සිට පොළොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී සිදු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.