මැතිවරණ සමයෙහි එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය දීම සඳහා මෙරටට පැමිණි තානාපතිවරු පිරිසක් ඊයේ (10දා) දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය අයිවන් අමරසිංහ, චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස් ඒ.එෆ් ඛාන්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ, ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති ගාමිණී රාජපක්ෂ, ඕස්ට්‍රෙිලියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහ, මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.ජී.එන්.එස්. ඩයස් හා ඉරානයේ තානාපතිවරයාද පිටත්ව ගොස් ඇත.