මෙවර මැතිවරණය ජාතිවාදය වපුරවන තරගයක් නොව ප්‍රතිපත්ති අතර තරගයක් බවට පත්කරගන්නා ලෙසත් මැතිවරණ කාල සීමාව තුළ පාතාලයට හිස එසවීමට ඉඩ නොදෙන ලෙසත් සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
පසුගියදා බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමද උන්වහන්සේ දැඩිලෙස හෙළා දකින බව පැවසුයේ අද(02දා) පැවති මාධ්‍ය හමුවකදීය