මැතිවරණ කල්දැමීමේ ආණ්ඩුවේ නිර්ලැජ්ජිත උත්සාහය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සටන් කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
එමෙන්ම මැතිවරණය දිනාගැනීමට උනන්දුවන අනෙකුත් පක්ෂ, සිවිල් සංවිධානද මේ සඳහා එකතුවන ලෙස අනුර කුමාර දිසානායක මහතා අද (22දා) පාර්ලිමේන්තුවේදී ආරාධනා කළේය.
වෙනස් දේශපාලන මතවාදයන් කොතෙකුත් තිබුණද, ඒ සියල්ල පසෙකලා මේ වෙනුවෙන් ඕනෑම කෙනෙකු සමග අසුන් ගැනීමට සූදානම් බවත්, ප්රජාතන්ත්රවාදීව ආණ්ඩුව මැතිවරණය ලබා නොදෙන්නේනම් මහ පාරේදී මෙම ප්රශ්නය විසඳා ගැනීමට කටයුතු කරන බවත් අනුර කුමාර මහතා පැවසීය.