මහ මැතිවරණය ප්රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා සිදුවීම් 521 ක් පිළිබඳව කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇතිබව එම සංවිධානය පවසයි.මෙයින් සිදුවීම් 23 ක් ප්රචණ්ඩ ක්රියා ලෙස සටහන් වී තිබේ. මැතිවරණය ප්රකාශයට පත්වු අවස්ථාවේ සිට මේ දක්වා රාජ්ය සේවයේ නව පත්වීම් ලබාදීම ඉහළ ගොස් ඇති අතර එම සිදුවීම් 498 ක් පිළිබඳව තොරතුරුද වාර්තා වන බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.