මැතිවරණ ව්‍යාපාරය මේ වන විට වෛරී දිශාවකට ගමන් කරමින් පවතින බව කැෆේ සංවිධානය කියයි. එහි විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ එකම පක්ෂයේ අපේක්ෂකයින් විසින් තම පක්ෂයේ තවත් අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නට එපා යැයි සඳහන් කරමින් සෘණාත්මක මැතිවරණ ව්‍යාපාර මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.
මේ සඳහා අන්තර්ජාලය , ෆේස්බුක් මෙන්ම ජංගම දුරකථන කෙටි පණිවිඩ ද බහුලවම යොදාගන්නා බව තෙන්නකෝන් මහතා පවසයි. ප්‍රධාන දේශපාලන පක්ෂ 3ක අපේක්ෂකයින් මෙලෙස එකනෙකාට අපහාස කර ගනිමින් වෛරී මැතිවරණ ව්‍යාපාරයක නිරත වන බවත් එම තත්වය එම පක්ෂවල නායකයින් සහ මහ ලේකම්වරු විසින් පාලනය කර ගත යුතු බවත් කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
මේ වනවිට කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇති සිදුවීම් සංඛ්‍යාව 372 ක් වන අතර එයින් 352 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වෙයි.අ නිකුත් සිදුවීම් 20 ප්රචණ්ඩ ක්‍රියා ලෙස සටහන් වී ඇත.