මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව පොලීසියට මෙතෙක් ලැබී තිබෙන පැමිණිලි 78 ට අනුව පුද්ගලයන් 102ක් ඊයේ (23දා) වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැමිණිලි ඒකකයට මැතිවරණය ප්‍රකාශ කළ දින සිට ඊයේ (23දා) දක්වා පැමිණිලි 471 ක් ලැබී තිබෙන අතර, එම පැමිණිලිවලින් පැමිණිලි 139 ක් ලැබී තිබෙන්නේ රාජ්‍ය පත්වීම් හා උසස්වීම් ලබාදීම සම්බන්ධයෙනි.
එම පැමිණිලිවලින් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ප්‍රමාණය 70 කි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි 340 ක් පැපරල් සංවිධානයටත්, පැමිණිලි 462 ක් කැෆේ සංවිධානයටත් පැමිණිලි 105 ක් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙතත් ලැබී තිබෙන බව එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.