බස්නාහිර හා දකුණු මැතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්රචාරක කටයුතු 26 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් කළයුතු බවත්, ඉන්පසුව අපේක්ෂකයෙකුට පවත්වාගෙන යා හැකි වන්නේ දිස්ත්‍රික්ක කාර්යාලය පමණක් බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
මීට අමතරව දිස්ත්‍රික්කය තුළ පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යා හැකි බවත්, මෙම කාර්යාල දෙකම නීත්‍යානුකුල කාර්යාල විය යුතු බවද පවසා සිටියේය.
මෙම නීති උල්ලංඝනය කරමින් කාර්යාල පවත්වාගෙන ගියහොත් 27 වැනිදා උදේ සිට එම සියලුම කාර්යාල පොලීසියේ සහයෝගය ලබාගෙන ඉවත් කරන බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.