ජනාධිපති මැතිවරණයෙන් පසුව සිදුවන මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධව සොයා බැලීම සහ ඒ සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එස්. ජයරත්න මහත්මිය ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පත්කර ඇත.
දිවයිනේ කුමන හෝ ප්‍ර‘දේශයක සිදුවන ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳව හා ඒ සඳහා අනුබල දෙන හෝ ප්රචණ්ඩ ක්‍රියා සිදුකරන අය පිළිබඳව තොරතුරු 0112335792, 0112335794, 0112335795, 0718345124 දුරකථන අංකවලට හෝ 112335797 යන ෆැක්ස් අංකයට දැනුම් දෙන ලෙස සාමයට කැමැති ජනතාවගෙන් ඉල්ලා සිටියි.