ජනාධිපතිවරණ පනතට අනුව අද (05දා) මධ්‍යම රාත්‍රී 12.00 න් පසු මැතිවරණයට අදාළ කිසිදු ප්රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බවත්, මෙම නීතියට අනුව කටයුතු කරන ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
එක් එක් අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිකර තිබෙන සියලුම ප්‍රාදේශීය ප්රචාරක කාර්යාල අද (05දා) මධ්‍යම රාත්‍රී 12.00 න් පසු ඉවත් කළ යුතු බවත්, එසේ ඉවත් කර නොමැති සියලුම කාර්යාල හෙට (06දා) උදේ සිට ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලීසියට උපදෙස් ලබාදුන් බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ඡන්ද කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යන කාර්යාල සියල්ලම හෙට (06දා) මධ්‍යම රාත්‍රිය වනවිට ඉවත් කළ යුතු බවද ඔහු පවසා සිටියේය.
දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වාගෙන යන මැතිවරණ කාර්යාලවල සහ ශාඛා කාර්යාල තුළ ප්‍රදර්ශනය කරන දැවැන්ත ප්රචාරක පුවරු හෙට (06දා) මධ්‍යම රාත්‍රිය වනවිට ඉවත් කළ යුතු බවද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.
කිසිදු අවසර පත්‍රයක් ලබානොගෙන පවත්වාගෙන යන සියලුම කාර්යාල ඉවත් කරන ලෙසට මේ වනවිට පොලීසියට උපදෙස් ලබාදී තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.