එසේම සියලු ප්රචාරක පුවරු හා සැරසිලි 17දා මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් කරගත යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
18 වැනි දා ස්ථාන පරීක්ෂා කිරීමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මූලස්ථානවල පොලිස් නිලධාරීන්ගෙන් හා විමර්ශන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් පැමිණෙනු ඇති බවත් කාර්යාලය පවසයි.
අවසරලත් පක්ෂ කාර්යාලවල ඇති ප්රචාරක පුවරු ඉවත් කරවීම 18දා සිට සිදු කරන බවත් 19දා පෙරවරුවේ සිට ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති පක්ෂ කාර්යාල ද ඉවත් කරගත යුතු බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් කියයි.

