මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ සිද්ධීන් 1013 ක් තම සංවිධානය වෙත වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය සඳහන් කරයි. එම පැමිණිලිවලින් 536 ක් ලැබී තිබෙන්නේ නීතිවිරෝධී ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් එම ප්‍රමාණය 178 ක් බවත් ඔහු පවසා සිටියේය.