පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි 14 ක් මේ වනවිට ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එම පැමිණිලිවලට අනුව මේ වනවිට සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එම පිරිසෙන් 06 දෙනෙකු අත්අඩංගුවට පත්වී තිබෙන්නේ මහියංගණ ප්රදේශයේ සිදුවූ සිද්ධියකටය.