මැතිවරණ නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් අද (22දා) වනවිට සැකකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එසේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට යොදාගත් වාහන 09ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
නීති විරෝධී පෙළපාළි පැවැත්වීම, පෝස්ටර් ඇලවිම, මහා මාර්ගයේ ඡන්ද ලකුණු ඇදිම ආදි මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි.