ෙමැතිවරණ කාලය තුළදී මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීම, නොකිරීම පිළිබඳව විවිධ පුද්ගලයන් මැතිවරණ කොමසාරිස්වරයාට චෝදනා කළද එය නීති අඩුපාඩුවක් මිස මැතිවරණ කොමසාරිස්වරයාගේ වරදක් නොවන බව බස්නාහිර පළාත් සභාවට තේරීපත් වූ උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඊයේ (02දා) ජාතික හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී “කාක්කන් වැහි කාලයට කූඩු හදනවා වගේ මැතිවරණ කාලයට පමණක් නීති පිළිබඳව කතාකරලා වැඩක් නැහැ. අඩුපාඩු සහිත මැතිවරණ නීති වෙනස් කිරීමට මේ තමයි කාලය. මැතිවරණ නීති නිසා දිස්ත්‍රික්කය පුරාම මැතිවරණ කටයුතු කිරීමට බාධාවුණා. මැතිවරණ නීතියේ එන අඩුපාඩු සකස් කරන්නට, පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට මේ තමයි සුදුසුම කාලය* යැයි ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා