ඌව පළාත් සභා මැතිවරණයේදී එල්ල වී ඇති තර්ජන හේතුවෙන් මැතිවරණ නිලධාරීන් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි. කැෆේ සංවිධානය, පැෆරල් සංවිධානය සහ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ වහාම මැතිවරණ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයකට අත්‍යවශ්‍ය සාධකයක් බවයි.
පසුගිය බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණවලදී කැස්බෑව, හෝමාගම සහ වැලිගම මාතර ආදී ප්‍රදේශවල මෙන්ම වයඹ පළාත් සභා මැතිවරණයේදී මහව යන ප්‍රදේශවලදී මැතිවරණ ක්‍රියාවලියට එල්ල වූ බලපෑම් උදාහරණ කොට දක්වන එම නිරීක්ෂණ සංවිධාන වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවන් සිදුවීම් ඌව පළාත් සභා මැතිවරණයේදීද සිදුවිය හැකි බවට පෙර නිමිති පළ වී ඇති බවයි.