මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට අද (04දා) දහවල් 12.00 පමණ වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 892 ක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි ඒකකයට ලැබී තිබේ.
මෙම පැමිණිලිවලින් 163 ක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, අඩුම පැමිණිලි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 02 කි.
සමස්තයක් ලෙස වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ නීතිවිරෝධී ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් වන අතර, එම ප්‍රමාණය 166 ක් බවද මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.