මේ වසරේදී නිල කාලය අවසන් වන පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වීමට මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ඉල්ලා සිටියත්, අදාළ මුදල් මෙතෙක් වෙන්කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මුදල් වෙන් නොකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසීමක් කළ බවද එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. මුදල් වෙන් කිරීමක් නොකළත් මැතිවරණය පැවැත්වෙන මෙහොතේදී අවශ්‍ය මුදල් ලබාදෙන බවට පොරොන්දුවක් දී තිබෙන බවද හෙතෙම කියා සිටියේය.
මේ වසරේ ජූනි මාසය වනවිට උතුරු මැද, නැගෙනහිර , සබරගමුව පළාත් සභාව නිලකාලය අවසන් වේ.