මහ මැතිවරණය ප්රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානය වෙත සිදුවීම් 306 ක් වාර්තා වී තිබේ. මෙයින් සිදුවීම් 20 ක් ප්රචණ්ඩ ක්රියා ලෙස සටහන් ව තිබෙන බව එම සංවිධානය පවසයි.
මැතිවරණය ප්රකාශයට පත්වු අවස්ථාවේ සිට මේ දක්වා රාජ්ය සේවයේ නව පත්වීම් ලබාදීම ඉහළ ගොස් ඇති අතර එම සිදුවීම් 168 ක් පිළිබඳව තොරතුරු වාර්තා වන බවත් ඔවුහු වැඩිදුරටත් කියති.