මැතිවරණ ක්‍රමය සංශෝධනය කර නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබදව ඉදිරිපත් කෙරුණු යෝජනා පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවද මෙහිදී සාකච්ඡාවට ලක් ව තිබේ.
මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළව ඉදිරිපත් කෙරුණු යෝජනාවන්ගේ සංශෝධන හා තවත් යෝජනා ඇත්නම් ඒවා ලිඛිතව ලබන 13 වනදා දහවල් 12.00 පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කරන ලෙසද මෙහිදි ජනාධිපතිවරයා දන්වා තිබේ.
එම යෝජනා පිළිබදවද නැවත සාකච්ඡා කිරීමට හැකි බව ජනාධිපතිතුමා පක්ෂ නායකයින්ට පෙන්වා දුන්නේ ය.