විශේෂ සාකච්ඡාවක් සදහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නැවත වරක් දේශපාලන පක්ෂවල නියෝජිතයන් කැදවීමට තීරණය කර ඇති බව "අද" ට වාර්තා වේ. එක් එක් දේශපාලන පක්ෂය සදහා සිය අදහස් ඡන්ද දායකයන් වෙත සන්නිවේදනය කිරීම වෙනුවෙන් රූපවාහිනි සහ ගුවන් විදුලි කාලය වෙන්කරදීම පිළිබද එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බවත් හෙට (28 දා) දිනයේදී මෙම සාකච්ඡාව සිදුකිරීමට නියමිත බවත් මැතිවරණ මහලේකම් කාර්යාලය පවසා සිටී.